අගලවත්ත නගරයට නව නගර සැලසුමක් සහ සෙසු ප්‍රධාන මංසන්ධි සහ ගම්මාන සඳහා විධිමත් සැලසුමක් සකස්කරන අතර ඒ අනුව මංමාවත්, පාර දෙපස අලංකරණය කිරීම සිදුකෙරේ.

ගමේ පොදුජන අභිලාෂ ප්‍රාදේශීය සභාව වෙත දැනුම්දීම සඳහා සතියේ සෑම බදාදා දිනයක්ම මහජන දිනයක් බවට පත්කෙරේ.

එහිදී සිය අවශ්‍යතා ප්‍රාදේශීය සභා පාලනය සමග සාකච්ඡා කරගැනීම සඳහා ජනයාට අවස්ථාව උදාකරනු ඇත.

🔴 අවදානම් තත්ත්වයේ පවතින ආපදා ගොඩනැගිල්ල ඉවතට…

අගලවත්ත නගරයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ලෙසින් ඉදිකරඇති ගොඩනැගිල්ල දැඩි අවදානම් තත්ත්වයක පවතී. මෙය කොයි මොහොතක හෝ කඩාගෙන වැටී මිහිඳු මධ්‍ය මහ විද්‍යාලයේ දරුවන්ගේ හෝ නගරවාසීන්ගේ ජීවිත මෙන්ම දේපල ද හානිවිය හැකි ය. එය කඩා ඉවත්කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත්තේ ප්‍රාදේශීය සභාවේ තීරණගැනීමේ නොහැකියාව හේතුවෙනි.

ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුකර ගොඩනැගිල්ල ඉවත්කිරීමට කටයුතු යොදන්නෙමු.

මම, ඉන්දික ජයලත්

කණ්ඩායම් නායක

ස්වාධීන කණ්ඩායම අංක 01

රූපවාහිනිය ලකුණ | 📺❌