අවසාන පාරිභෝගිකයා වෙත භාණ්ඩයක් ලඟා කරදුන් ගමේ කඩේ ලබා ඇති ඉරණම සඳහා ද ප්‍රාදේශීය සභාව සවියක් විය යුත්තේ ය. සුපිරි වෙළෙඳසැල් ජාලා සිදුකරන ලද ආගමනය ආර්ථික වශයෙන් නොවැළැක්විය හැකි ය. ඒවා සඳහා ගැරහීමක් හෝ බාධාවක් අපට නැත්තේ මුත් එය අභියෝගයක් වූ ගමේ කඩය වෙත සහනශීලි පිළිවෙතක් ලබාදීමට අපේක්ෂා කරමු.

ගමේ සිල්ලර වෙළෙඳසැල් සඳහා වෙනම කාණ්ඩයක් යටතේ දත්ත ගබඩා කිරීම පළමුව කළ යුතු ය. එම කඩ බොහොමයක් තවමත් දරන්නේ පැරණි ආකෘතියම ය. මෙම ආකෘතියෙන් බැහැරව සුපිරි වෙළෙඳසැල් ආකෘතියේ කුඩා පරිමාවක් ලෙස ගමේ කඩේ සංවර්ධනය කළ යුතුව ඇත්තේ ය.

පාරිභෝගිකයාට ආසන්නයේ පැවතීම, ණය පහසුකම් ලබාදීම, ඉක්මන් සේවාව යන ගමේ සිල්ලර කඩය සඳහා ආවේණික වූ ක්‍රියාදාමය තව තවත් බලගැන්වීම තුළ ගමේ ආර්ථිකය සඳහා එය සවියක් වන අතරේම එහි රඳා පැවැත්ම ද ස්ථිර වන්නේ ය.

ගමේ සිල්ලර කඩය යනු ග්‍රාමීය සංස්කෘතියේ එක් කුලුනකි. එහි ඇති ගමේකම, හිතවත්කම වෙනත් ස්ථානයකින් ලබාගත නොහැකි ය. භාණ්ඩ ලබා ගැනීමට අමතරව ගමේ පිරිස ඒකරාශී වන ස්ථානයක් හෙයින් එය ගමේ කටයුතු හා ආරංචි ආදිය සඳහා ද මධ්‍යස්ථානයකි. එවන් අනන්‍ය ගුණ සමුදායක් ඇත්තේ බැවින් ගමේ කඩේ ස්ථිරසාර ආර්ථික ව්‍යුහයක් ලෙස පවත්වා ගෙන යා යුත්තේ ය. රටේ සහ ගමේ ආර්ථිකයට බරක් නොවී සිදුකරගෙන යන මෙම ව්‍යාපාර සඳහා එහි හිමිකරුවෝ දරන වෙහෙස එකතැනම කැරකීම හේතුවෙන් එම ව්‍යාපාර ඊලඟ අදියර සඳහා ගමන්කර නැත.

නවීකරණය වූ සිල්ලර වෙළෙඳසැලක් සඳහා ඔවුන් යොමුකිරීමට සැලසුම් සකස් කරන්නෙමු. බැංකු ණය ආදිය සහනදායි ආකාරයට ගතහැකි පසුබිමක් එම අලෙවිසැල් සමඟ සාකච්ඡාකර බැංකු කිහිපයක්ද දායක කරගනිමින් ඇතිකළ යුත්තේ ය.

සිල්ලර කඩය පවතින ස්ථානය ප්‍රධාන පාරකට මායිම් වී ඇත්තේ නම් එය නව ආර්ථික ව්‍යුහයක් බවට පත්කර ගමේ නිෂ්පාදන අලෙවි මධස්ථානයක් බවට පත්කළ හැක්කේ ය. සිල්ලර භාණ්ඩ පමණක් වෙළදාම් කරන ආස්ථානය ඉක්මවා හෝටල් වැනි අංග එක්කරමින් එය විවිධාංගිකරණයට සහ ඊලඟ සංවර්ධිත පියවර සඳහා ගෙන යා යුතු ය.

අගලවත්තට අලුත් කතාවක්…

ස්වාධීන කණ්ඩායම අංක 01

රූපවාහිනිය ලකුණ | 📺❌